ෆෆ් ඩු ප්ලෙසිස්ට දිල්ලි කැපිටල්ස් පිලෙන් තනතුරක්

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ උප නායකයා ලෙස ෆෆ් ඩු ප්ලෙසිස් පත් කර තිබෙනවා.

ඒ, පසුගියදා එම කණ්ඩායමේ නායකයා ලෙස අක්සාර් පටෙල් නම් කෙරුණු පසුබිමකයි.

මීට පෙර 2024 අදියර දක්වා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ නායකයා ලෙස ෆෆ් කටයුතු කළ අතර, මෙවර තරගාවලියට අදාළ වෙන්දේසියට පෙර ඔහුව සංචිතයෙන් නිදහස් කෙරුණා.

අනතුරුව ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුව දිල්ලි කණ්ඩායම විසින් ඔහුගේ මූලික වටිනාකම වූ ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදල යටතේ සිය සංචිතයට මිලදී ගත්තා.

මීට පෙර අයි.පී.එල් තරග බිමේ දී නායකයෙකු ලෙස කටයුතු කර ඇති කේ එල් රාහුල් ද ඔවුන්ගේ සංචිතයේ රැදී සිටින පසුබිමකයි ෆෆ් ඩු ප්ලෙසිස් උප නායකයා ලෙස අද නිවේදනය කර ඇත්තේ. ඉන්දීය රුපියල් කෝටි 14 ක මුදලකටයි රාහුල් දිල්ලි කණ්ඩායමට අලෙවි වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...