ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත T20 සංචිතයට වෙනස්කම් රැසක්

Date:

ආබාධවලට ලක් වීම හේතුවෙන් නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩිකා Isabella Gaze (hip flexor), වේග පන්දු යවන ක්‍රීඩිකා Hayley Jensen (hip flexor), හා පිතිකාරිණි Bella James (quadricep) හට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඔවුන් වෙනුවට කඩුලු රකින ක්‍රීඩිකාවක වන Polly Inglis, වමත් වේග පන්දු යවන ක්‍රීඩිකා Bree Illing හා තුන් ඉරියව් ක්‍රීඩිකා Flora Devonshire සංචිතයට ආදේශ කිරීමටයි තීරණය කර ඇත්තේ.

Devonshire මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති අතර, ආදේශ කෙරුණු අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනා පසුගිය සතියේදී ශ්‍රී ලංකාව සමග පැවැති එක්දින තරගාවලියේදීයි ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ.

විස්සයි 20 තරගාවලිය මාර්තු 14 (Christchurch), 16 (Christchurch) හා 18 (Dunedin) යන දිනවලදී ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...