ඇෆ්ඝනිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් කරන්න – හියුමන් රයිට්ස් වොච් අයි.සී.සීයට දන්වයි

Date:

ඇෆ්ඝනිස්තානයේ අයි.සී.සී සාමාජිකත්වය අත්හිටුවන ලෙස මානව හිමිකම් පිළිබඳ පර්යේෂණ සහ උපදේශන පවත්වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දැනුම් දී තිබෙනවා.

තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ඝනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට සහභාගී වීම තහනම් කරන ලෙසයි එම සංවිධානය අයි.සී.සීයෙන් ඉල්ලා ඇත්තේ.

අයි.සී.සී සභාපති ජේ ශාහ් වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය මෙම ඉල්ලීම සිදු කර ඇති බව සදහන්.

ඇෆ්ඝනිස්තානය තුළ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට නැවත වරක් අධ්‍යාපනයට සහ ක්‍රීඩාවට සහභාගී වීමට හැකි වන තෙක් මෙම තහනම පනවන ලෙසයි එම සංවිධානය ඉල්ලා ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...