හර්ෂිතාගේ නොදැවුණු අර්ධ ශතකයෙන් පසු පළමු එක්දින තරගය වැස්සට සේදෙයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අද(4) ප්‍රතිපලයකින් තොරව නිමා වුණා.

නේපියර්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 36.4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 66 ක් ලබා සිටියේ පන්දු 96 කට මුහුණ දෙමින්. ඇයගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත්ව තිබුණා.

විශ්මි ගුණරත්න ලකුණු 30 කටත්, චමරි අතපත්තු ලකුණු 9කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී Bree Illing ලකුණු 42 කට කඩුලු 2 ක් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 7 වැනිදා නෙල්සන්හීදි පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...