මැතිව් කුහ්නෙමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණ වාර්තාව එළියට

Date:

ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක මැතිව් කුහ්නෙමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයේ වාර්තාව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරැදි බවට අනාවරණය වී ඇති බැවින් ඔහුට ගැටලුවකින් තොරව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිරියටත් පන්දු යැවීමට හැකියාව ලැබෙන බවයි.

ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වුණා.

අනතුරුව ඔහු පෙබරවාරි 15 වැනිදා බ්‍රිස්බේන්හි National Cricket Centre හීදී පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට මුහුණ දුන්නා.

එහි ප්‍රතිපල අනුව අනාවරණය වී ඇත්තේ කුහ්නෙමන් පන්දු යවන විට ඔහුගේ වැලමිට අනුමත අංශක 15 ක සීමාව තුළ පවතින බවයි.

2017 වසරේදී ආරම්භ කළ ඔහුගේ වෘත්තීය ක්‍රිකට් දිවියේදී පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ඔහුට චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...