ස්ටොක්ස් හන්ඩ්‍රඩ් තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක හා ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් 2025 හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, මෙම වසර අවසානයේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අළුබදුන තරගාවලිය සදහා සිය ශාරීරික යෝග්‍යතාවය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමේ අරමුණ ඇතිවයි.

Northern Superchargers කණ්ඩායමේ පුහුණුකරු ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ස්ටොක්ස් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඔහු මේ වන විට සිය වම් පාදයේ ආබාධයක් හේතුවෙන් මුහුණ දීමට සිදු වූ ශල්‍යකර්මයෙන් සුවය ලබමින් සිටිනවා.

එම ආබාධයට ඔහු පළමුව මුහුණ දුන්නේ පසුගිය වසරේ පැවැති හන්ඩ්‍රඩ් තරගාවලිය අතරතුරදීයි. අනතුරුව පසුගිය දෙසැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී යළිත් එම ආබාධය උත්සන්න වුණා.

මෙම වසරේදී එංගලන්තය හා ඉන්දියාව අතර ද තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය නිමා වීමට නියමිතව ඇති දිනයට දිනකට පසුවයි, එනම් අගෝස්තු 5 වැනිදායි හන්ඩ්‍රඩ් තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

මේ අතර, එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී ද 2025 හන්ඩ්‍රඩ් තරගාවලියෙන් ඉවත් වීමට සූදානම්ව සිටින බව වාර්තා වනවා.

ඔහු මෙම වසරේ පැවැත්වීමට නියමිත T20 Blast තරගාවලියෙන් පසුව දේශිය තරග බිමට සමු දීමටයි අවධානය යොමු කර ඇත්තේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මොයීන් අලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...