සනත්ගේ ලෝක වාර්තාවකට ළගා වූ විරාත් කෝලි

Date:

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි විසින් ශ්‍රී ලංකා හිටපු සුපිරි ආරම්භක පිතිකරුවෙකු වන සනත් ජයසූරිය හා ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් විසින් තබා ඇති ලෝක වාර්තාවක් බිද දැමීම සදහා ආසන්නයට පැමිණ තිබෙනවා.

ඒ, වැඩිම රටවල් සංඛ්‍යාවකදී එක්දින ජාත්‍යන්තර ශතක වාර්තා කළ පිතිකරුවන් අතර සම දෙවැනි ස්ථානයට ඔහු පත් වීමත් සමගයි.

මෙවර ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය සමග පැවැති තරගයේදී ශතකයක් වාර්තා කිරිමට කෝලි සමත් වූ අතර, ඒ අනුව ඔහු මෙතෙක් ක්‍රීඩා කර ඇති රටවල් 10 තුළදීම ශතක වාර්තා කිරීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

එම රටවල් වන්නේ ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයි.

මීට පෙර සනත් ජයසූරිය ආසියානු හා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් රටවල් 15කදී එක්දින ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර තිබූ අතර, ඉන් රටවල් 12කදීම ඔහු ශතක වාර්තා කර තිබුණා.

සචින් තෙන්ඩුල්කාර් රටවල් 16කදී තරග ක්‍රීඩා කර ඉන් රටවල් 12කදී එක්දින ශතක වාර්තා කර තිබෙනවා. ක්‍රිස් ගේල් රටවල් 15කදී තරග ක්‍රීඩා කර ඉන් රටවල් 10කදී එක්දින ශතක වාර්තා කළා.

මේ අතර, තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර ද රටවල් 14 ක එක්දින තරග ක්‍රීඩා කර ඇති අතර, ඉන් රටවල් 9කදී ඔවුන් ශතක වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...