ඩකට්ගේ 167 අපතේ යවමින් ඉන්ග්ලිස්ගේ 120* ඔස්ට්‍රේලියාවට වාර්තාගත ජයක් හිමි කරයි

Date:

අයි.සී.සී තරගාවලියක කණ්ඩායමක් සාර්ථක ලෙස හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් මෙවර ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් එංගලන්තය පරදා කඩුලු පහක සුපිරි ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ලාහෝර්හි පැවැති තරගයේ කාසියේ වාසිය පරාජයට පත් වීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 351 ක් රැස් කළ නමුත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දු 15 ක් ඉතිරිව තිබියදී කඩුලු පහක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 136 දී බිද වැටුණු පසුබිමක 5 වැනි කඩුල්ල සදහා ලකුණු 146 (116) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ජොෂ් ඉන්ග්ලිස් හා ඇලෙක්ස් කෙරී සමත් වුණා. කෙරී ලකුණු 69(63) කට දැවී ගියා.

ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 32(15) යි. සිය මංගල එක්දින ශතකය වාර්තා කළ ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 120 ක් නොදැවී රැස් කළේ පන්දු 86 කින් හයේ පහර හයක් හා හතරේ පහර 8 ක් සමගින්.

ආරම්භක පිතිකරු මැතිව් ශෝර්ට් ලකුණු 63(66) ක් හා මර්නස් ලබුෂේන් ලකුණු 47(45) ක් ද රැස් කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමක් කළා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 165 ක් ලබා ගත්තේ පන්දු 143 කින්. ඒ, හයේ පහර 3 කින් හා හතරේ පහර 17 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්. එය ශූරයින්ගේ කුසලාන ඉතිහාසයේදී පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ජෝ රූට් ලකුණු 68 යි. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ලකුණු 158 (155) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. පන්දු යැවීමේ දී Ben Dwarshuis කඩුලු 3 ක් දවා ගත් අතර, ඇඩම් සම්පා හා මර්නස් ලබුෂේන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙය ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින තරගයක් ජය ගැනීම සදහා සාර්ථක ලෙස හඹා ගිය දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...