ඉන්දියාව සමග පැවැත්වීමට එක්දින සහ 20යි 20 ක්‍රිකට් තරගාවලි සදහා වන ඔස්ට්‍රේලියානු සංචිත අද ප්‍රකාශයට පත් කෙරුණා.
ආරෝන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.
ජාතික සංචිතය සදහා පළමු වරට 21 හැවිරිදි කැමරන් ග්‍රීන් නම් කර තිබීම විශේෂත්වයක්.
මොයිසස් හෙන්රික්ස් සීමිත පන්දුවාර සංචිතයේ ස්ථානය හිමි කර ගෙන ඇති අතර, ආබාධයකට ලක් වූ මිචෙල් මාෂ් ඊට නම් කර නැහැ.
නෙදන් ලියෝන්, ජොෂ් පිලිපී සහ ඇන්ඩෘ ටයි යන ක්‍රීඩකයින්ට ද සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.
දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.
ඔස්ට්‍රේලියානු සංචිතය –

