හැරිස් රවුෆ්ගේ තත්ත්වය ගැන පාකිස්තාන නායකයාගෙන් අනාවරණයක්

Date:

ආබාධයකට ලක්ව සිටි පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව පාකිස්තාන නායක මොහමඩ් රිස්වාන් පවසනවා.

ඒ අනුව ඔහුට අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද(19) පැවැත්වෙන සමාරම්භක තරගයට ක්‍රීඩා කිරීමට හැකි වනු බවයි රිස්වාන් පෙන්වා දෙන්නේ.

තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

පාකිස්තානයේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී (පෙබරවාරි 8 වැනිදා) රවුෆ් මෙම ආබාධයට ලක් වුණේ පන්දු යවමින් සිටියදීයි.

අනතුරුව ඔහු එම තරගාවලියේ කිසිදු තරගයක් සදහා ක්‍රීඩා නොකළ නමුත්, මේ වන විට ඔහු හොදින් පුහුණුවීම් කටයුතුවල නිරත වන බවයි රිස්වාන් කියා සිටියේ.

තරගාවලියේ පළමු තරගය සත්කාරක පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගය කරච්චිහීදී මෙරට වේලාවෙන් පස්වරු 2:30 ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...