විනය විරෝධීව හැසිරෙමින් පිතිකරු සමග ශාරීරිකව ගැටුණු අෆ්රිඩිට වැඩ වරදියි (දර්ශන සහිතයි)

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිට තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් හා ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාව සමග ඊයේ(12) පැවැති තරගයේදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන්.

අයි.සී.සි විනය නීති සංග්‍රහයේ 2.12 වගන්තිය (inappropriate physical contact with a Player, Player Support Personnel, Umpire, Match Referee or any other person (including a spectator) during an International Match.) උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කළ බවට අෆ්රිඩිට චෝදනා එල්ල වුණා.

දකුණු අප්‍රිකා ඉනිමේ 28 වැනි පන්දුවාරයේදී දකුණු අප්‍රිකා පිතිකරු Matthew Breetzke ලකුණක් කරා දිව යාමේදී ඔහුගේ ගමන් මාර්ගයට පිවිසෙමින් අෆ්රිඩි ඔහුගේ ශරීරයේ ගැටුණු අතර, එම අවස්ථාවේදී උණුසුම් වචන හුවමාරුවක් ද දෙදෙනා අතර සිදු වුණා.

එම පන්දුවට පෙර ද ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබූ පසුබිමකයි මෙම ශාරීරික ගැටීම සිදු වුණේ. (දර්ශන පහතින්)

මේ අතර, මෙම තරගයේදී ටෙම්බා බවුමාගේ කඩුල්ල පාකිස්තානය දවා ගැනීමෙන් පසුව ආවේගශීලී අයුරින් එම කඩුල්ල සැමරූ සවුද් ශකීල් හා කම්රන් ගුලාම්ට එරෙහිව ද තරග ගාස්තුවෙන් 10% බැගින් වූ දඩ මුදලක් හා දඩුවම් ලකුණක් බැගින් පනවා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...