ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පාකිස්තානය තැබූ අමුතු වාර්තාව

Date:

බදාදා(12) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාව පරදා පළමු එක්දින තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වූ බව ඔබ දන්නවා.

ඊයේ දිනයේදී ජාත්‍යන්තර තරග කිහිපයක්ම පැවැති අතර, එම තරග සදහා ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය හා දකුණු අප්‍රිකාව යන රටවල් තරග වැදුණා.

මෙහිදී ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාවත්, එංගලන්තය හමුවේ ඉන්දියාවත්, දකුණු අප්‍රිකාව හමුවේ පාකිස්තානයත් ජය ගත්තා.

ඒ අනුව ඊයේ දිනය ඉතිහාසයට එක් වුණේ දකුණු ආසියානු කණ්ඩායම් තුනක් එකම දිනයකදී එක්දින තරග ජය ගත් දිනයක් ලෙසයි.

මීට පෙර එවැනි සිදුවීමක් වාර්තා වී තිබුණේ 1996 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී පමණයි.

එම තරගාවලියේ දී මාර්තු 6 වැනිදා මෙම කණ්ඩායම් තුනම තමන් ක්‍රීඩා කළ තරග ජය ගෙන තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...