Watch : දුනිත්ගේ ඉනිම නැවතූ ස්මිත්ගේ සුපිරි උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර අද(12) පෙරවරුවේදි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේදී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස දුනිත් වෙල්ලාලගේ දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

මැතිව් ශෝර්ට්ගේ පන්දුවක් හමුවේ දුනිත් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 30(34) ක්.

ස්ලිප්හි පන්දු රකිමින් සිටි ස්මිත් තනි අතින් මෙම විශිෂ්ඨ උඩ පන්දුව රැක ගත් අතර, ඒ අනුව 6 වැනි කඩුල්ල වෙනුවෙන් චරිත් අසලංක හා දුනිත් අතර ගොඩ නැගුණු වටිනා ලකුණු 67 (69)ක සම්බන්ධතාවය ද මෙම උඩ පන්දුවත් සමග බිද වැටුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...