දිගින් දිගටම කඩා වැටෙන ශ්‍රී ලංකා මුල් පෙල (දර්ශන සහිතයි)

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ද ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවන් අද(12) අසාර්ථක වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 4 දැවී ගියේ ලකුණු 31 ක් තුළදීයි. පස්වැනි කඩුල්ල ලකුණු 55 දී බිද වැටුණා.

පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 4කටත්, දෙවැනි කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු එක් ලකුණකටත් දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 19 ක් ලබා ගත් අතර, කමිදු මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 5 කටයි. ජනිත් ලියනගේ ලකුණු 11 යි.

නිමා වූ නවසීලන්ත තරග සංචාරයේ පළමු එක්දින තරග දෙකේදී ද ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවන් මේ ආකාරයෙන්ම අසාර්ථක වූ අතර, එම තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 23 ක් තුළත්, දෙවැනි තරගයේදී පළමු කඩුලු 4 ලකුණු 22 ක් තුළත් බිද වැටුණා.

පළමු කඩුලු හතරේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...