CT25 : ඉන්දීය සංචිතයට ප්‍රබල වෙනස්කම් දෙකක් – බුම්රා ඉවතට

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහුගේ පිට කොන්ද ආශ්‍රිත (lower back injury) ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන්ම සුව වී නොමැති බැවින් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

ඔහු වෙනුවට හර්ෂිත් රානා ඉන්දීය සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

බුම්රා මෙම ආබාධයට මුහුණ දුන්නේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය යටතේ පැවැති අවසන් ටෙස්ට් තරගයේදීයි.

මේ අතර, වරුන් චක්‍රවර්තී ද සංචිතයට නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇති අතර, ඒ අනුව ක්‍රීඩකයින් 15 දෙනෙකු සහිතව මීට පෙර නම් කෙරුණු මූලික සංචිතයට ඇතුළත්ව සිටි යශස්වි ජයිස්වාල් සංචිතයෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ශූරයින්ගේ කුසලාන තරගාවලිය පෙබරවාරි 19 වැනිදා සිට පාකිස්තානයේදී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.

India’s squad for ICC Champions Trophy, 2025: Rohit Sharma (C), Shubman Gill (Vc), Virat Kohli, Shreyas Iyer, KL Rahul (WK), Rishabh Pant (WK), Hardik Pandya, Axar Patel, Washington Sundar, Kuldeep Yadav, Harshit Rana, Mohd. Shami, Arshdeep Singh, Ravindra Jadeja, Varun Chakaravarthy.

Non Travelling substitutes: Yashasvi Jaiswal, Mohammed Siraj and Shivam Dube. The three players will travel to Dubai as and when required.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...