බුම්රා ගැන අවසන් තීරණය 11 වැනිදා

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කළ හැකිදැයි අවසන් තීරණය එළඹෙන 11 වැනිදා ගැනීමට නියමිතව තිබෙනවා.

පසුගිය ජනවාරි 18 වැනිදා ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය මූලික සංචිතය නම් කෙරුණු අතර, ඊට ජස්ප්‍රිට් බුම්රා ද ඇතුළත් වුණා.

එම සංචිතය සදහා අයි.සී.සී අනුමැතියක් නොමැතිව වෙනස්කම් කිරීම සදහා අවස්ථාව හිමි වන්නේ එළඹෙන 11 වැනිදා දක්වායි.

බුම්රා මෑතකදී වෛද්‍ය පරීක්ෂණයක් සදහා මුහුණ දී ඇති අතර, ඒ අනුව ඉදිරියේදී වෛද්‍ය කමිටු සාමාජිකයින්, තේරීම් කමිටු නිලධාරීන් හා කණ්ඩායම් කලමනාකාරීත්වය සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගනු ඇති.

ඔස්ට්‍රේලියාව සමග පැවැති අවසන් ටෙස්ට් තරගයේදී බුම්රා පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක් වුණා.

එංගලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගය සදහා ඔහු ක්‍රීඩා කරනු ඇති බවට මීට පෙර අපේක්ෂා කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...