වසර 12 ක සිම්බාබ්වේ පරාජ රැල්ල තවත් ඉදිරියට – අයර්ලන්තයට ලකුණු 63 ක ජයක්

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 63 ක ජයක් වාර්තා කිරීමට සංචාරක අයර්ලන්ත කණ්ඩායම අද(10) සමත් වුණා.

මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම සිය රටේදී 2013 වසරෙන් පසුව මෙතෙක් කිසිදු ටෙස්ට් තරගයක් ජය ගෙන නොතිබීම ද විශේෂත්වයක්.

බුලවායෝහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය සියලු දෙනා දැවී ලකුණු 260 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස සිම්බාබ්වේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 267 ක්.

අනතුරුව අයර්ලන්තය සිය දෙවැනි ඉනිමට ලකුනු 298 ක් ලබා ගත්තේ සිම්බාබ්වේ පිලට ලකුණු 292 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි කර දෙමින්.

තරගයේ පස්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 183 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 228 ක් පමණයි.

Wessly Madhevere ලකුණු 84 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී Matthew Humphreys ලකුණු 57 කට කඩුලු හයක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...