Northern Superchargers කණ්ඩායමේ සියලු කොටස් සන්රයිසස් හිමිකරුවන් මිලදී ගනියි

Date:

මෙතෙක් යෝක්ෂයර් ප්‍රාන්තයේ පාලනයේ පැවැති Northern Superchargers කණ්ඩායමේ කොටස් මිලදී ගැනීමට Sun Group සමත්ව තිබෙනවා.

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකරුවන් වන ඔවුන් Superchargers කණ්ඩායමේ කොටස් 100% ක් මිලදී ගැනීමට එකගතාවයකට එළඹ තිබීම විශේෂත්වයක්.

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් ආයතනය සතු වූ Northern Superchargers කණ්ඩායමේ 49% ක කොටස් ප්‍රමාණය හා යෝක්ෂයර් ප්‍රාන්තය සතු වූ 51% ක කොටස් ප්‍රමාණය මිලදී ගනිමින් එම කණ්ඩායමේ සම්පූර්ණ කොටස් මිලදී ගැනීමට Sun Group සමත්ව තිබෙනවා.

එලෙස සියලු කොටස් මිලදී ගැනීමක් හන්ඩ්‍රඩ් තරගාවලියේ කණ්ඩායම් වෙන්දේසියේදී වාර්තා වූයේ පළමු වරටයි.

පවුම් මිලියන 100 ක ලංසු මුදලක් ඉදිරිපත් කරමින් Sun Group විසින් මෙම කොටස් මිලදී ගැනීම සිදු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...