කාන්තා යොවුන් T20 ලෝක ශූරතාවය යළිත් ඉන්දියාවට

Date:

පිට පිට දෙවැනි වරටත් වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය යොවුන් කාන්තා කණ්ඩායම අද(2) සමත් වුණා.

ඒ, මැලේසියාවේ ක්වාලාලම්පූර්හීදී පැවැති අවසන් මහා තරගයේදී දකුණූ අප්‍රිකාව පරදා කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 82 ක් පමණයි.

Mieke van Voorst ලකුණු 23 ක් රැස් කළ අතර, Gongadi Trisha ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 11.2 ක් අවසානයේ කඩුල්ලක් දැවී සිටියදී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

Gongadi Trisha නොදැවී ලකුණු 44(33) ක් ලබා ගත් අතර, Sanika Chalke නොදැවී ලකුණු 26(22)යි‍.

ඉන්දියාව මෙවර ලෝක ශූරතාවය අපරාජිතව දිනා ගැනීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...