Watch : හෙල්මට් එකේ පිහිටෙන් ලබා ගත් ඉතිහාසයේ හාස්‍යජනකම දුවද්දී දැවී යාම

Date:

සංචාරක එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා දකුණු අප්‍රිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී සිදු වූ අපූර්ව දුවද්දී දැවී යාමක් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Stellenbosch හි පැවැති තරගය ජය පරාජයෙන් තොරව ඊයේ(29) නිමා වූ අතර, එම තරගයේ එංගලන්ත යොවුන් දෙවැනි ඉනිමේදීයි මෙම අපූර්ව දුවද්දී දැවී යාම දැක ගත හැකි වුණේ.

පිතිකරු Aaryan Sawant මෙම දුවද්දී දැවී යාමට හසු වූයේ ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසයි.

ඔහු විසින් වේගවත් ස්වීප් පහරක් එල්ල කිරීමෙන් පසුව පන්දුව short leg හි පන්දු රකිමින් සිටි van Schalkwyk ගේ හිස් ආවරණයේ තදින් වැදුණු අතර, අනතුරුව එය පෙරළා කඩුල්ල වෙත ඇදී ගොස් කඩුල්ලේ ගැටුණේ එහි බේල්ස් ද ඉවත් කරමින්.

එම අවස්ථාවේදී පිතිකරු සීමා ඉරෙන් ඉවත රැදී සිටි බැවින් ඔහු දැවී ගිය අයෙකු ලෙස විනිසුරුවන් සංඥා කළේ ක්‍රිකට් ඉතිහාසයේ දුටු හාස්‍යජනකම දුවද්දී දැවී යාමක් බවට එය පත් කරමින්.

කෙසේ වෙතත්, පන්දුව තදින් හිස් ආවරණයේ වැදුණු short leg පන්දු රකින්නාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ද සිදු වන ආකාරයක් දැක ගත හැකි වුණා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...