ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව සුපිරි හයේ පළමු කාණ්ඩයේ තෙවැනි තැනට පත් වෙයි (Watch Highlights)

Date:

වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සුපිරි හය වටයේ අවසන් තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 12 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද(29) සමත් වුණා.

මැලේසියාවේ Bangi හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 99 ක් ලබා ගත්තා.

සංජනා කාවින්දි ලකුණු 19 ක්, සුමුදු නිසංසලා ලකුණු 18 ක්, මනුදි නානායක්කාර ලකුණු 15 ක් හා හිරුනි හංසිකා ලකුණු 14 ක් රැස් කළා.

පන්දු යැවීමේදී Lily Bassingthwaighte කඩුලු 3 ක් දවා ගත් අතර, Hasrat Gill හා Tegan Williamson කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 87 ක් පමණයි.

Caoimhe Bray ලකුණු 27 ක් රැස් කළා. පන්දු යැවීමේදී චමෝදි ප්‍රබෝදා, ප්‍රමුදි මෙත්සරා හා අසේනි තලගුනේ කඩුලු 2 බැගින් බිද හෙලුවා. ලිමන්සා තිලකරත්න කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 18 ක් ලබා දෙමින්.

මෙම ජයත් සමග ශ්‍රී ලංකාව සුපිරි හය වටයේ පළමු කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනා ගනිමින් මෙවර තරගාවලිය අවසන් කළා.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතරත්, දෙවැනි අවසන් පූර්ව තරගය එංගලන්තය හා ඉන්දියාව අතරත්, එළඹෙන 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, අද පැවැති තවත් තරගයකින් අයර්ලන්තය පරදා ලකුණු හයක තියුණු ජයක් වාර්තා කිරීමට නයිජීරියාව සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...