ශ්‍රී ලංකාවේ දුර්වල ක්‍රීඩාවිලාශය හා කවාජා-ස්මිත් 195*ක සම්බන්ධය හමුවේ පළමු දිනයේ සියලු ගෞරව ඔස්ට්‍රේලියාවට

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(29) ගාල්ලේදී නිමා වුණේ දිනයේ සියලු ගෞරව සංචාරක කණ්ඩායමට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා. වර්ෂාව හේතුවෙන් අද දිනය සදහා තරගය නියමිත කාලයට පෙර අවසන් කෙරුණු අතර, ඒ වන විට ක්‍රියාත්මක කර තිබූ පන්දුවාර සංඛ්‍යාව 81.1 ක්.

උස්මාන් කවාජා නොදැවී ලකුණු 147(210) ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ හයේ පහරක් හා හතරේ පහර 10 ක් සමගින්. ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 104(188) යි. ඔහුගේ ඉනිමට ද හයේ පහරක් හා හතරේ පහර 10 ක් ඇතුළත්. ස්මිත් අද තරගය ආරම්භ වීමට පෙර ටෙස්ට් ලකුණු 9,999 ක් රැස් කර සිටි අතර, අද තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඔහු සිය 10,000 වැනි ටෙස්ට් ලකුණ වාර්තා කිරීමට සමත් වුණා.

කවාජා සමග ඉනිම ආරම්භ කළ ට්‍රැවිස් හෙඩ් ලකුණු 57 ක් ලබා ගත්තේ පන්දු 40 කින්. හයේ පහරක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ද ඇතුළත්. මර්නස් ලබුෂේන් ලකුණු 20 යි.

පළමු කඩුල්ල සදහා හෙඩ් හා කවාජා ලකුණු 92 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. තෙවැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට ස්මිත් හා කවාජා අතර ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 195* (307) ක්.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දවා ගැනීම සදහා අවස්ථා රැසක්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලද නමුත්, ඒවා කඩුලු බවට පරිවර්තනය කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවස්ථා කිහිපයකදීම නොහැකි වුණා.

උඩ පන්දු කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් ගිලිහී ගිය අතර, විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය නිසි ආකාරයෙන් භාවිතා නොකිරීම නිසා ද ශ්‍රී ලංකාවට කඩුලු දවා ගැනීමට තිබූ අවස්ථා මග හැරී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...