Watch : සුපිරි පන්දු යැවීමක් සමග වනිදු 300 වැනි T20 කඩුල්ල බිද හෙලයි

Date:

සිය විස්සයි 20 ක්‍රිකට් දිවියේ 300 වැනි කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා.

ඒ, International League T20 තරගාවලිය යටතේ Desert Vipers කණ්ඩායම හා Sharjah Warriorz කණ්ඩායම අතර පැවැති තරගාවලියේ 15 වැනි තරගයේදීයි.

ඩුබායිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Sharjah Warriorz කණ්ඩායම පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 91 ක් පමණයි.

මොහමඩ් අමීර් කඩුලු 4 ක් දවා ගත් අතර, වනිදු හසරංග කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 10 ක් පමණක් ලබා දෙමින්.(දර්ශන කිහිපයක් පහතින්)

වනිදු හසරංග මේ වන විට විස්සයි 20 කඩුලු 300ක් බිද හෙලා ඇත්තේ තරග 208 කට ක්‍රීඩා කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Desert Vipers කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 95 ක් ලබා තරගය ජය ගත්තා. ෆකාර් සමාන් නොදැවී ලකුණු 71 ක් රැස් කළේ පන්දු 39 කින්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...