පංජාබ් අඛණ්ඩව 5 වැනි ජයත් වාර්තා කරයි – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 46 වන තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ සාජාහි පැවැති තරගයෙන් පරාජයට පත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

මෙය පංජාබ් කණ්ඩායම මෙවර තරගාවලියේ දී අඛණ්ඩව ලැබූ 5 වන ජයග්‍රහනයයි.

ක්‍රිස් ගේල් කණ්ඩායමට පැමිණිමෙන් පසුව එම තරග පහම ජය ගැනීම විශේෂත්වයක්.

ක්‍රිස් ගේල් මෙවර තරගාවලියේ දී පංජාබ් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පෙර ඔවුන් තරග 7කට ක්‍රීඩා කර ජය ගෙන තිබුණේ තරග 1ක් පමණයි.

අද(26) පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා පිල කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණූ 10කදී දැවී ගිය අතර, අනතුරුව කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය ෂුබ්මන් ගිල් ලකුණු 57ක් සහ නායක ඔයින් මෝගන් ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 35ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 18.5ක් අවසානයේ දීයි.

මන්දීප් සිං නොදැවී ලකුණු 66ක් සහ ක්‍රිස් ගේල් ලකුණු 51ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 100ක්.

ගේල්ගේ ඉනිම පන්දු 29කින් වාර්තා වූ අතර, ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් ඇතුළත්.

මේ වන විට පංජාබ් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ තරග 12කදී ප්‍රසාද ලකුණු 12ක් හිමි කර ගනිමින්.

තරග 12කට ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 12ක්ම හිමි කර ගෙන ඇති කොල්කටා කණ්ඩායම 5 වන ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...