ඔස්ට්‍රේලියානු ප්‍රධාන දග පන්දු යවන්නෙකුට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු

Date:

ඔස්ට්‍රේලියානු වමත් දග පන්දු යවන ක්‍රීඩක මැට් කුහ්නෙමන්ට එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, බ්‍රිස්බේන් හීට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී ඔහුගේ මාපටැඟිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන්.

ඔහු විසින්ම යොමු කළ පන්දුවකින් පසුව මැතිව් වේඩ් එල්ල පහරකින් අනතුරුව තමා වෙත ඇදී ආ පන්දුව රැක ගැනීමට යාමේදී ඔහුගේ දකුණු අතෙහි මෙම ආබාධය සිදු වුණා.

ශ්‍රී ලංකා තරග සංචාරයට පෙර ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වෙනුවෙන් පුහුණු කදවුරක් ඩුබායිහීදී පැවැත්වීමට නියමිත අතර, ඒ සදහා සහභාගී වීම සදහා මැට් කුහ්නෙමන් ද එළඹෙන ඉරිදා දිනයේදී ඩුබායි වෙත පිටත්ව යාමට නියමිතව සිටිනවා.

මෙම ආබාධය නිසා ඇතැම් විට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Cooper Connolly හට ශ්‍රී ලංකා සංචාරයේදී ටෙස්ට් වරම් හිමි වීමට ද ඉඩක් පවතිනවා.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ සිටින අනෙක් ප්‍රධාන දග පන්දු යවන්නන් වන්නේ නේදන් ලයන් හා ටොඩ් මර්ෆි.

කුහ්නෙමන්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වුවහොත් Corey Rocchiccioli, Tanveer Sangha හෝ Mitchell Swepson යන ක්‍රීඩකයින්ගෙන් අයෙකුට ටෙස්ට් සංචිතයට ඇතුළත් වීමට බොහෝ දුරට අවස්ථාවක් හිමි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...