Watch : වනිදු හසරංගගේ සුපිරි Direct Hit එක මෙන්න

Date:

International League T20 තරගාවලියේ 7 වැනි තරගයේදී විශිෂ්ඨ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් දුවද්දී දවා ගැනීමකට පිතිකරුවෙකු හසු කර ගැනීමට Desert Vipers කණ්ඩායමේ වනිදු හසරංගට හැකි වුණා.

ඩුබායිහීදී පැවැති මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ MI Emirates කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් MI Emirates කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා. කයිරන් පොලාඩ් ලකුණු 36(23) ක් හා කුසල් පෙරේරා ලකුණු 33(29) ක් රැස් කළා.

ඉනිම අතරවාරයේදී ටොම් බැන්ටන් දවා ගැනීම සදහායි වනිදු හසරංග විසින් විශිෂ්ඨ පන්දු රැකීමක නිරත වුණේ. ඔහු විසින් කඩුල්ල වෙත විසි කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි බැන්ටන් ලකුණු 15 කට දැවී ගියේ.

එම පන්දුවේදී පන්දුව යොමු කළ ලොකී ෆර්ගසන් අතට පිතිකරණයේ නිරත වෙමින් සිටි පොලාඩ් විසින් උඩ පන්දුවක් ද ලබා දුන් අතර, එම උඩ පන්දුව ෆර්ගසන් අතින් ගිලිහී ගිය පසුබිමකයි හසරංග විසින් බැන්ටන් දුවද්දී දවා ගත්තේ. (දර්ශන පහතින්)

පන්දු යැවීමේදී ද වනිදු හසරංග පන්දුවාර 3 ක් යොමු කර ලකුණු 21 කට කඩුල්ලක් දවා ගත්තා. එම කඩුල්ල ඔහු බිද හෙලුවේ මෙම තරගයේදී යොමු කළ පළමු පන්දුවේදීමයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Desert Vipers කණ්ඩායම පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යමින් කඩුලු පහක ජයක් හිමි කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...