සචින්, සංගා ඇතුළු සුපිරි ක්‍රිකට් තරු එකිනෙකා ගැටෙන IML තරගාවලියට දින නියම වෙයි

Date:

රටවල් හයක හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන International Masters League (IML) ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර පැවැත්වෙන නව දින මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය පෙබරවාරි 22 වැනිදා සිට මාර්තු 16 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. මීට පෙර තරගාවලිය පසුගිය වසරේ නොවැම්බර් 17 වැනිදා සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, පසුව එය කල් දැමුණා.

නවි මුම්බායිහි DY Patil ක්‍රීඩාංගනය, රාජ්කොට්හි Niranjan Shah ක්‍රීඩාංගනය හා රායිපූර්හි Shaheed Veer Narayan Singh ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පැවැත්වෙන දින නිවේදනය කර ඇතත්, තරගාවලියේ කාලසටහන මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කිරීම විශේෂත්වයක්. ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ සචින් තෙන්ඩුල්කාර් විසිනුයි.

බටහිර ඉන්දීය කොදෙව් පිලේ නායකයා ලෙස බ්‍රයන් ලාරා කටයුතු කරනවා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශේන් වොට්සන් විසින් ද, එංගලන්ත කණ්ඩායම ඔයින් මෝර්ගන් විසින් ද මෙහෙයවනු ලබනවා. දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ ජැක් කලිස්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...