මහේලගෙන් පසු සදර්න් බ්‍රේව් භාර ගත් ෆ්ලෙමින්ග් ධූරයෙන් ඉවත් වෙයි

Date:

එංගලන්තයේ හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සදර්න් බ්‍රේව් කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට ස්ටීවන් ෆ්ලෙමින්ග් තීරණය කර තිබෙනවා.

සිය පවුල සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනුයි ඔහු එම තීරණය ගෙන ඇත්තේ.

2023 වසරේදී ඔහුව එම ධූරය සදහා පත් කළේ එතෙක් පුහුණුකරු ධූරයේ කටයුතු කළ මහේල ජයවර්ධන වෙනුවටයි.

අනතුරුව ඔහු බේව් කණ්ඩායමට තරග වාර දෙකකදී මග පෙන්වූ අතර, එම අවස්ථා දෙකේදීම සදර්න් බ්‍රේව් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා.

පසුගිය වසරේදී අවසන් මහා තරගය සදහා ද එම කණ්ඩායම සුදුසුකම් ලබා ගත් නමුත්, එම තරගය ඔවුන් පරාජයට පත් වුණා.

ෆ්ලෙමින්ග් වෙනුවට සදර්න් බ්‍රේව් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිතව ඇත්තේ Adrian Birrell.

බ්‍රිතාන්‍යයේ හැම්ප්ෂයාර් ප්‍රාන්ත කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු වන ඔහු SA20 තරගාවලියේ පළමු අදියර දෙකේදීම Sunrisers Eastern Cape කණ්ඩායමට ශූරතාවය දිනා ගැනීම වෙනුවෙන් මග පෙන්වනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...