Watch : මංගල BBL තරගයේදී පුත්‍රයාට වැදුණු හයේ පහර පියාගේ දෑතින් රැක ගත් හැටි

Date:

මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(11) පැවැති තරගාවලියේ 31 වැනි තරගයේදී ඉතාමත් විරල අපූර්ව සිදු වීමක් දක්නට ලැබුණා.

මෙම තරගය ඇඩිලේඩ්හීදී පැවැත්වුණේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා බ්‍රිස්බේන් හීට් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇඩිලේඩ් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 251 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්‍රිස්බේන් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 195 ක් පමණයි. ඒ අනුව ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 56 ක ජයක් හිමි වුණා.

මෙම තරගයේදී ඇඩිලේඩ් පිල වෙනුවෙන් BBL වරම් හිමි කර ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක Liam Haskett සමත් වුණා. ඔහු කඩුලු දෙකක් දවා ගත්තේ පන්දුවාර 3කදී ලකුණු 43 ක් ලබා දෙමින්.

ඔහුට එරෙහිව නේදන් මැක්ස්වීනි එල්ල කළ හයේ පහරකින් පසුව පන්දුව ප්‍රේක්ෂකාගාරය වෙත ඇදී ගිය අතර, එය උඩ පන්දුවක් ලෙස තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයෙකු විසින් රැක ගත්තා.

විශේෂත්වය වූයේ එම ප්‍රේක්ෂකයා අන් කවරෙකුවත් නොව පන්දුව යොමු කළ Liam Haskett ගේ පියා වීමයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...