මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

නවසීලන්ත පිතිකරු මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ඒ, ඔහු අවසන් වරට 2022 වසරේ ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇති පසුබිමකයි.

38 හැවිරිදි ඔහු ජාත්‍යන්තර පිටියට සමු දුන්න ද ඉදිරියටත් ෆ්‍රැන්චයිස් T20 ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

ගප්ටිල් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 47 ක්, එක්දින තරග 198 ක් හා විස්සයි 20 තරග 122 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිළිවෙලින් ලකුණු 2,586, 7,346 හා 3,531 රැස් කළා.

2009 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ගප්ටිල් 2015 හා 2019 ලෝක කුසලාන තරගාවලියන්හීදී නවසීලන්තයේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ද කටයුතු කළා.

2015 ලෝක කුසලාන තරගාවලියේදී ඔහු කොදෙව්වන්ට එරෙහිව වාර්තා කළ ලකුණු 237* එක්දින ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

2019 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි පන්දුවාරයේ අවසන් පන්දුවට මුහුණ දීමට සිදු වූ ඔහුට ජයග්‍රහනය සදහා එම පන්දුවට අවශ්‍ය වූ ලකුණු දෙක රැස් කිරීමට නොහැකි වුණේ නවසීලන්තයට පිට පිට දෙවැනි වරටත් අනුශූරතාවය හිමි කර දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...