ශ්‍රී ලංකා සංචාරයට පෙර ඔස්ට්‍රේලියාව විශේෂ පුහුණු කදවුරකට

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට පෙර ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් ඩුබායිහීදී සතියක පමණ පුහුණු කදවුරකට එක්වීමට නියමිතව ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ටෙස්ට් තරග සංචාරය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය මෙතෙක් නිවේදනය කර නැතත්, එම සංචිතය මෙම සතියේදී නිවේදනය කිරීමට නියමිතයි.

තරග සංචාරය සදහා නිත්‍ය නායක පැට් කමින්ස් ක්‍රීඩා නොකිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒ, ඔහු හා ඔහුගේ බිරිද ඔවුන්ගේ දෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින්.

ඒ අනුව ස්ටීවන් ස්මිත් හෝ ට්‍රැවිස් හෙඩ් මෙම සංචාරයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් වරම් දිනූ සෑම් කොන්ස්ටස් හා බෙයු වෙබ්ස්ටර්ට දග පන්දු යවන්නන්ට උචිත තණතීරුවල ක්‍රීඩා කිරීමේ අභියෝගය එල්ල වන ශ්‍රී ලංකා සංචාරය සදහා එක්වීමට අවස්ථාවක් හිමි වනු ඇත්දැයි බොහෝ දෙනෙකු මේ වන විට අවධානය යොමු කර ඇති කරුණක්.

“මාව තෝරාගෙන ඇත්දැයි තවම එතරම් විශ්වාසයක් නැහැ, නමුත් පැහැදිලිවම, විවිධ තත්වයන්ට (conditions) අනුවර්තනය වීම, සමහර විට අපි අලුත් සෑම් කෙනෙක් සොයා ගනීවි” යනුවෙන් එළඹෙන ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෑම් කොන්ස්ටස් සදහන් කළා.

ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතයි.

ටෙස්ට් තරගාවලියේ තරග දෙකම දග පන්දු යවන්නන්ට වැඩි වාසිදායක ගාලු ක්‍රීඩාංගනයේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ජනවාරි 29 වැනිදා පළමු ටෙස්ට් තරගය ආරම්භ වන අතර, දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන්නේ පෙබරවාරි 6 වැනිදායි.

අනතුරුව ජනවාරි 13 වැනිදා දෙරට අතර පැවැත්වෙන එක්දින තරගය හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...