ආබාධ අර්බුදය හමුවේ සිඩ්නි තන්ඩර් සහාය පුහුණුකරු යළි ක්‍රීඩා පිටියට පිවිසීමට ගිවිසුම්ගත වෙයි

Date:

සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ සහාය පුහුණුකරු ඩෑන් ක්‍රිස්ටියන් මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තන්ඩර් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන්  මේ වන විට ගිවිසුම්ගත වී තිබෙනවා.

ඔහු මීට වසර දෙකකට පෙර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිවේදනය කර තිබූ නමුත්, මේ වන විට තන්ඩර් කණ්ඩායමේ ක්‍රීඩකයින් මුහුණ දී සිටින ආබාධ අර්බුදය පදනම් කර ගනිමින් ඔහු යළිත් ක්‍රිකට් පිටියට පිවිසීමටයි තීරණය කර ඇත්තේ.

පසුගියදා පැවැති BBL තරගයකදී කැමරන් බැන්ක්‍රොෆ්ට් හා ඩැනියල් සෑම්ස් එකිනෙකා ගැටීම හේතුවෙන් දරුණු අනතුරකට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් බැන්ක්‍රොෆ්ට්ට තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු වුණා. සෑම්ස්ට ද දින 12 ක් පමණ ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ආබාධයක් හේතුවෙන් Nic Maddinson හට ද තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, Jason Sangha, Nathan McAndrew හා Tanveer Sangha ද ආබාධවලට ලක්ව සිටිනවා.

එවන් පසුබිමකයි 41 හැවිරිදි ඩෑන් ක්‍රිස්ටියන් යළි BBL පිටියට පිවිසීමට තීරණය කර ඇත්තේ. වෘත්තීමය ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටියද ඔහු 2024 හොංකොං සික්සර්ස් තරගාවලිය දී ද ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...