රිෂී ධවාන් සුදු පන්දුවට සමු දෙයි

Date:

හිමාචල් ප්‍රදේශ් කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක රිෂී ධවාන් සීමිත පන්දුවාර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

Vijay Hazare කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමත් සමගයි ඔහු මේ බව නිවේදනය කළේ.

34 හැවිරිදි ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 3 ක් හා විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් 2016 වසරේදී ක්‍රීඩා කළා.

ඔහු සීමිත පන්දුවාර පිටියෙන් පමණක් සමු ගෙන ඇති බැවින් අවම වශයෙන් මේ වන විට ක්‍රියාත්මක Ranji කුසලාන තරගාවලිය අවසන් වන තුරු හෝ ඔහු රතු පන්දු පිටියේ රැදී සිටිනු ඇති.

රිෂී ධවාන් අයි.පී.එල් තරග 39 කට ද ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 25 ක් දවා ගත් ඔහු ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 210 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...