චෙන්නායි සුපර් කිංග්ස් නිල වශයෙන් තරගාවලියෙන් ඉවතට

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට(playoffs) සුදුසුකම් ලබා ගැනීමේ සියලු බලාපොරොත්තු මේ වන විට අහිමි වී තිබෙනවා.

ඒ, ඊයේ(25) පැවැති තරගාවලියේ 45 වන තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිල පරදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජය ගැනීමත් සමගයි.

මේ වන විට චෙන්නායි පිල තරග 12කට ක්‍රීඩා කර හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8ක්.

කෙසේ වෙතත්, තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට එය කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ.

ඒ අනුව මෙය ඉතිහාසගත වන්නේ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අයි.පී.එල් ඉතිහාසයේ දී දක්වන ලද දුර්වලතම දක්ෂතාවය ලෙසයි.

මීට පෙර ඔවුන් ක්‍රීඩා කළ සෑම අයි.පී.එල් තරගාවලියකම අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි කණ්ඩායම සමත් වී තිබුණා.

එමෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවස්ථා තුනකදී අයි.පී.එල් ශූරතාවය ද දිනා ගත් අතර, පසුගිය වසරේ දී අනුශූරතාවය ද දිනා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...