ස්ටොක්ස්ගේ සුපිරි ශතකයෙන් රාජස්ථානයට විශිෂ්ඨ ජයක් – Match Report

Date:

බෙන් ස්ටොක්ස් වාර්තා කළ සුපිරි ශතකය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45 වන තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ අබුඩාබි හි පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ වැඩබලන නායක කිරන් පොලාඩ් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වුණා.

හර්ඩික් පාන්ඩ්යා පන්දු 21කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 60ක්.

ඔහුගේ ඉනිම හයේ පහර 7කින් සහ හතරේ පහර 2කින් වර්ණවත් වී තිබුණා. (දර්ශන නැරඹිම සදහා මෙතන ක්ලික් කරන්න)

පාන්ඩ්යා තමා මුහුණ දුන් පළමු පන්දු 9ට ලකුණු 8ක් පමණක් රැස් කර තිබූ අතර, අනතුරුව මුහුණ දුන් පන්දු 12ට ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 52ක්.

හර්ඩික් පාන්ඩ්යා සිය අර්ධ ශතකය පන්දු 20ක් පමණක් වැය කරමින් වාර්තා කළ අතර, එය මෙවර තරග වාරයේ දී වාර්තා වූ තෙවැනි වේගවත්ම අර්ධ ශතකයයි.

සූර්යකුමාර් යාදෙව් ලකුණු 40යි.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් සහ ෂ්රෙයස් ගෝපාල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 10ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ස්ටොක්ස් පන්දු 60කින් නොදැවී ලකුණු 107ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 14ක් සමගින්.

සංජු සැම්සන් පන්දු 31කින් නොදැවී ලකුණු 54යි.

පන්දු යැවීමේ දී ජේම්ස් පැටින්සන් කඩුලු 2ක් බිද හෙලුවා.

(තරගයේ විශේෂ අවස්ථා නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න)

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වූ රාජස්ථාන් පිල මෙම ජයග්‍රහනයත් සමග ප්‍රසාද ලකුණු 10ක් ලබා 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් සමගින් තවදුරටත් එහි පෙරමුණ රැක ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...