පළමු පන්දු 9 ට 8 යි – අවසන් පන්දු 12 ට 52 ක් – හර්ඩික්ගෙ ගැහිල්ල මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවන වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා අද(25) සමත් වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 5ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා.

ඊට හර්ඩික් පාන්ඩ්යා පන්දු 21කින් නොදැවී රැස් කළ ලකුණු 60ද ඇතුළත්.

ඔහුගේ ඉනිම හයේ පහර 7කින් සහ හතරේ පහර 2කින් වර්ණවත් වී තිබුණා. (දර්ශන නැරඹිම සදහා මෙතන ක්ලික් කරන්න)

පාන්ඩ්යා තමා මුහුණ දුන් පළමු පන්දු 9ට ලකුණු 8ක් පමණක් රැස් කර තිබූ අතර, අනතුරුව මුහුණ දුන් පන්දු 12ට ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 52ක්.

හර්ඩික් පාන්ඩ්යා සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 20ක් පමණක් වැය කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...