Watch : ගුවනේදීම රැකගෙන ගුවනේදීම විසි කරමින් මැක්ස්වෙල් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයේදී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ට අද(1) හැකි වුණා.

බ්‍රිස්බේන්හීදී ආරම්භ වූ මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ බ්‍රිස්බේන් හීට් කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් හීට් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 149 ක් ලබා ගත්තා. Max Bryant නොදැවී ලකුණු 77(48) යි.

ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස Will Prestwidge දවා ගැනීම සදහායි මැක්ස්වෙල් විසින් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

හයේ සීමාවෙන් පිටතට පනිමින් ගුවනේදීම උඩ පන්දුව තනි අතින් රැක ගත් මැක්ස්වෙල්, ගුවනේදීම යළි පන්දුව ක්‍රීඩාංගනය තුළට විසි කිරීමට මෙහිදී සමත් වුණා.

අනතුරුව ක්ෂණිකව ක්‍රීඩාංගනය තුළට පැමිණෙමින් ඔහු උඩ පන්දුව සුරැකිව රැක ගත්තා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...