Cricinfo වසරේ ක්‍රිකට් කණ්ඩායම්වලට ශ්‍රී ලංකාවෙන් 7 දෙනෙක්

Date:

2024 වසරේ ක්‍රිකට් කණ්ඩායම් ESPNcricinfo වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පිරිමි ටෙස්ට්, එක්දින හා විස්සයි 20 මෙන්ම කාන්තා එක්දින හා විස්සයි 20 කණ්ඩායම් මෙලෙස නම් කිරීමටයි ESPNcricinfo වෙබ් අඩවිය පියවර ගෙන ඇත්තේ.

මෙම කණ්ඩායම් සදහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු ඇතුළත්.

වසරේ පිරිමි ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ කමිදු මෙන්ඩිස්. ටෙස්ට් කණ්ඩයාමේ නායකයා ලෙස ජස්ප්‍රිට් බුම්රා නම් කර තිබෙනවා.

වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4 දෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්. එනම්, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක හා වනිදු හසරංග යන ක්‍රීඩකයින්. වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ද චරිත් අසලංකටයි.

රෂීඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුත් වසරේ විස්සයි 20 කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් මතීෂ පතිරණ නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කාන්තා විස්සයි 20 කණ්ඩායමට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක ඇතුළත්ව නැතත්, කාන්තා එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා. කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඇය විසිනුයි.

ESPNcricinfo වෙබ් අඩවිය නම් කර ඇති වසරේ ක්‍රිකට් කණ්ඩායම් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...