Watch : තාක්ෂණය ප්‍රතික්ෂේප කරමින් තෙවන විනිසුරු දුන් ආන්දෝලනාත්මක තීන්දුව

Date:

ඉන්දු-ඔස්ට්‍රේලියා බොක්සිං දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය වූ අද(30) දිනයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් දැවී යාමක් බවට යශස්වි ජයිස්වාල්ගේ දැවී යාම පත් වුණා.

ඔහු ලකුණු 84 ක් ලබා සිටියදී දැවී ගිය පිතිකරුවෙකු ලෙස තෙවන විනිසුරු විසින් නම් කිරීම ඉන්දියාවට මෙම තරගයෙන් ලකුණු 184 ක පරාජයක් ලැබීමට ද දැඩිව බලපානු ලැබුවා.

ජයිස්වාල් විසින් පැට් කමින්ස් යොමු කළ පන්දුවකට hook පහරක් එල්ල කිරීමට උත්සාහ දැරූ නමුත්, එය අසාර්ථක වූ පසුබිමක පන්දුව කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කෙරී අතට ඇදී ගියා.

එහිදී එය උඩ පන්දුවක් විය යුතු බවට සිතූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ජයිස්වාල් දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කරන්නැයි ඉල්ලීමක් සිදු කළ ද පිටියේ විනිසුරු එය ප්‍රතික්ෂේප කළා.

අනතුරුව ඔස්ට්‍රේලියාව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යටතේ එම තීන්දුව අභියෝගයට ලක් කළා.

එහිදී Snicko තාක්ෂණය හරහා එම පන්දුව පිත්තේ හෝ අත් ආවරණවල වැදුණු බවක් පෙන්නුම් කළේ නැහැ.

කෙසේ වෙතත්, එම පන්දුව පිත්තත්, අත් ආවරණවලටත් ඉතා ආසන්නයෙන් ඇදී ගිය බව දක්නට ලැබුණු අතර, එතෙක් පන්දුව ආ ගමන් මාර්ගය ද අත් ආවරණ පසු කරනවාත් සමගම වෙනස් වීමකට ලක් වී වෙනත් ගමන් මාර්ගයක ගමන් කරන ආකාරයක් දැක ගත හැකි වුණා.

ඒ අනුව තෙවන විනිසුරු විසින් තීරණය කළේ ජයිස්වාල් දැවී ගිය පිතිකරුවෙකු ලෙසයි.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් දක්වන නමුත්, පන්දුවේ ගමන් මාර්ගයේ වෙනසක් සිදු වීම මත එය දැවී යාමක් විය යුතු බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ.

පන්දුවේ ගමන් මාර්ගය වෙනස් වූ ආකාරය හා ඊට අදාළ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...