Watch : රාහුල් පාද අතරින් රැක ගත් සුපිරි උඩ පන්දුව නිපන්දුවක් නිසා අපතේ ගිය හැටි

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(29) මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 9 ක් දැවී ලකුණු 228 ක් ලබා සිටි අතර, ඔවුන් මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 333 ක්.

නේදන් ලයන් නොදැවී ලකුණු 41 ක් හා ස්කොට් බෝලන්ඩ් නොදැවී ලකුණු 10 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර අවසන් කඩුල්ලට මේ වන විට ගොඩ නැගී ඇති සම්බන්ධතාවය ලකුණු 55* (110) ක්.

ඉන්දියාවට හිසරදයක් වී ඇති එම සම්බන්ධතාවය බිද දැමීම සදහා මනා අවස්ථාවක් අද දිනයේ යොමු කෙරුණු අවසන් පන්දුවාරයේදී ඉන්දියාවට ලද නමුත්, ජස්ප්‍රිට් බුම්රා නිපන්දුවක් යොමු කිරීම නිසා එම අවස්ථාව ඉන්දියාවෙන් ගිලිහී ගියා.

අවසන් පන්දුවාරයේදී නේදන් ලයන් විසින් කේ එල් රාහුල් වෙත උඩ පන්දුවක් ලබා දුන් අතර, එය විශිෂ්ඨ අන්දමින් රැක ගැනීමට රාහුල්ට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත්, තෙවන විනිසුරු විසින් එම පන්දුව නිපන්දුවක් ලෙස සංඥා කිරීමත් සමග තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට ලයන් වාසනාවන්ත වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...