උඩ පන්දු 4 ක් බිම දැමූ ඉන්දියාව ලකුණු 333 ක් පසුපසට ඇද වැටෙයි

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(29) මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 9 ක් දැවී ලකුණු 228 ක් ලබා සිටි අතර, ඔවුන් මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 333 ක්.

මර්නස් ලබුෂේන් ලකුණු 70 ක් රැස් කළ අතර, වෙනත් කිසිදු නම් දැරූ පිතිකරුවෙකුගෙන් සාර්ථක ඉනිමක් දක්නට ලැබු‍ණේ නැහැ. ඔස්ට්‍රේලියාව කඩුලු හයක් දැවී ලකුණු 99 ක් ලබා සිටියදී ලබුෂේන් ලබා දුන් පහසු උඩ පන්දුවක් gully හි පන්දු රකිමින් සිටි යශස්වි ජයිස්වාල් අතින් ගිලිහී යාම තරගයේ තීරණාත්මක අවස්ථාවක් බවට පත් වුණා. ඒ වන විට ලබුෂේන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 46 ක්.

අද දිනයේදී ඉන්දීය ක්‍රීඩකයින් අතින් උඩ පන්දු 4ක් ගිලිහී යාම විශේෂත්වයක්. ඒ අතරින් උඩ පන්දු තුනක්ම ගිලිහී ගියේ ජයිස්වාල් අතින්. නායක පැට් කමින්ස් ලකුණු 41 ක් ලබා ගත්තා.

නේදන් ලයන් නොදැවී ලකුණු 41 ක් හා ස්කොට් බෝලන්ඩ් නොදැවී ලකුණු 10 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර අවසන් කඩුල්ලට මේ වන විට ගොඩ නැගී ඇති සම්බන්ධතාවය ලකුණු 55* (110) ක්. පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 4 ක් හා මොහමඩ් සිරාජ් කඩුලු 3 ක් දවා ගත්තා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 358 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 369 ක්.

නිටිෂ් කුමාර් රෙදී ලකුණු 114 ක් ලබා සිටියදී ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියා. යශස්වි ජයිස්වාල් ලකුණු 82 ක් හා වොෂින්ටන් සුන්දර් ලකුණු 50 ක් ලබා සිටියදී දැවී ගියා. පන්දු යැවීමේ දී පැට් කමින්ස්, ස්කොට් බෝලන්ඩ් හා නේදන් ලයන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 474 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...