වරද පිළිගත් කෝලිට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පැනවීමට හා ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (26) දිනයේදී විරාත් කෝලි හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ සෑම් කොන්ස්ටස් අතර ඇති වූ සිද්ධිය හේතුවෙන්.

ඒ අනුව ඔහු විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.12 වගන්තිය “inappropriate physical contact with a Player, Player Support Personnel, Umpire, Match Referee or any other person (including a spectator during an International Match.” උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බව අයි.සී.සීය නිවේදනය කළා.

කෝලි විසින් සිය වරද හා තරග තීරක Andy Pycroft විසින් ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කෙරෙන්නේ නැහැ.

මෙම සිද්ධිය සිදු වූයේ ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ 10 වැනි පන්දුවාරය අවසන් වීමෙන් අනතුරුවයි. එම අවස්ථාවේදී අනෙක් අන්තයේ රැදී සිටි උස්මාන් කවාජා සමග සංවාදයක නිරත වීම සදහා සුපුරුදු පරිදි සෑම් කොන්ස්ටස්, කවාජා රැදී සිටි අන්තය වෙත ගමන් කළා.

එහිදී නව පන්දුවාරය සදහා පන්දු රකින්නන් සිය ස්ථාන කරා ගමන් කරමින් සිටි අතර, විරාත් කෝලි සිතා මතාම සිය ගමන් මාර්ගය වෙනස් කරමින් කොන්ස්ටස් සමග ශාරීරිකව ගැටෙන ආකාරය දැක ගත හැකි වුණා.

අනතුරුව දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වූ අතර, පසුව කවාජා හා විනිසුරු Michael Gough මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කළා.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් දක්වන අතර, බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ කෝලිගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

“විරාත් කොහෙද ඇවිදින්නේ කියලා බලන්න” යනුවෙන් ඔස්ට්‍රේලියානු හිටපු නායකයෙකු වන රිකී පොන්ටින් ජාත්‍යන්තර විස්තර විචාරයේ නිරත වන අතරතුර සදහන් කළා. “විරාත් ඔහුගේ දකුණට එක් තණතීරුවක් හරහා ගිහිං එම ගැටුමට උල්පන්දම් දුන්නා. මගේ හිතේ කිසිම සැකයක් නැහැ.”

විස්තර විචාරක, ඉන්දීය හිටපු පුහුණුකරු රවී ශාස්ත්‍රී ද විරාත් කෝලිගේ මෙම හැසිරීම අනුමත කළේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...