Watch : බුම්රාට එරෙහිව වසර 4 කට පසු ගහපු හයේ පහර හා Sam Konstas ගේ සුපිරි ඉනිම මෙන්ම

Date:

වසර 4කට පසු ජස්ප්‍රිට් බුම්රාට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් පිටියේදී හයේ පහරක් එල්ල කිරීමට පිතිකරුවෙකුට අද(26) හැකි වුණා.

ඒ, ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර මෙල්බර්න්හීදී ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් තරගයේදීයි.

තරගයේ පළමු දිනය වූ අද දිනයේදී කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනා ගැනීමට 19 හැවිරිදි Sam Konstas සමත් වීම විශේෂත්වයක්.

ඔහු උස්මාන් කවාජා සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 89 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, Konstas ලකුණු 60 (65) ක් රැස් කළා.

ඉනිමේ 7 වැනි පන්දුවාරයේදී බුම්රාට එරෙහිව Konstas ලකුණු 14 ක් වාර්තා කිරීමට සමත් වුණේ හතරේ පහර 2ක් හා හයේ පහරක් සමගින්.

එම පන්දුවාරයේ පළමු පන්දුවට scoop පහරකින් හතරේ පහරක් වාර්තා කළ ඔහු දෙවැනි පන්දුවට reverse scoop පහරක් එල්ල කරමින් හයේ පහරක් එල්ල කළා. පස්වැනි පන්දුවට ද යළි reverse scoop පහරක් එල්ල කළ Konstas එම පන්දුවට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 4 ක්.

2021 ජනවාරි මාසයේදී සිඩ්නිහීදී පැවැති ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන් එල්ල කළ හයේ පහරින් පසුවයි පිතිකරුවෙකු මෙලෙස බුම්රාට එරෙහිව ටෙස්ට් තරගයකදී හයේ පහරක් එල්ල කළේ.

ඉනිමේ 11 වැනි පන්දුවාරයේදී ද Konstas විසින් බුම්රාට එරෙහිව ලකුණු 18 ක් වාර්තා කිරීම කැපී පෙනුණා. එම පන්දුවාරයේදී ද ඔහු විසින් බුම්රාට එරෙහිව හයේ පහරක් එල්ල කළා.

7 වැනි පන්දුවාරයේ දර්ශන හා Konstas ගේ ඉනිමේ දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...