අසිත ප්‍රනාන්දුට මාස දෙකක් සදහා එංගලන්තයෙන් ගිවිසුමක්

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ Glamorgan ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, ලබන වසරේ පැවැත්වෙන එරට ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය (County Championship) වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහායි.

එළඹෙන තරග වාරයේ පළමු මාස දෙක වෙනුවෙන් අසිත ගිවිසුම්ගත වී ඇති අතර, ඒ අනුව ඔහු මැයි මාසය අවසන් වන තුරු ප්‍රාන්ත තරග හතක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

27 හැවිරිදි අසිත ප්‍රනාන්දු මේ වන විට ටෙස්ට් තරග 21 කදී කඩුලු 72 ක් දවා ගෙන ඇති අතර, නිමා වූ එංගලන්ත තරග සංචාරයේදී වැඩිම කඩුලුලාභියා බවට ද පත් වුණා.

ඔහු මීට පෙර Nottinghamshire ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රාන්ත තරග ක්‍රීඩා කර තිබෙනවා.

අසිත ඉතිහාසගත වන්නේ Glamorgan කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...