සිම්බාබ්වේ 54 කට දැවී යයි – ඇෆ්ඝනිස්තානයට වාර්තාගත ජයක්

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 232 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

එය එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේදී ලකුණු පරතරය අතින් ඇෆ්ඝනිස්තානය ලැබූ ඉහළම ජයග්‍රහනයයි. තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.

හරාරේහීදී පැවැති තරගයේදී Sediqullah Atal විශිෂ්ඨ ශතකයක් වාර්තා කරමින් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන ඉනිම ශක්තිමත් කළ අතර, අනතුරුව ලකුණු 287 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 17.5 ක් තුළ ලකුණු 54 කට සීමා කිරීමට ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.

සිකන්ඩ රාසා නොදැවී ලකුණු 19 ක් හා ශෝන් විලියම්ස් ලකුණු 16 ක් ලබා ගත් අතර, වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාවට ළගා වූයේ නැහැ.

පන්දු යැවීමේදී ඒ එම් ඝසන්ෆර් ලකුණු 9කට කඩුලු 3 ක් හා නවීඩ් සඩ්‍රාන් ලකුණු 13 කට කඩුලු 3 ක් දවා ගත්තා. ෆසල්හක් ෆරූකි ලකුණු 15 කට බිද හෙලූ කඩුලු ගණන 2 ක්. අස්මතුල්ලාහ් ඔමර්සායි ද එක් කඩුල්ලක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 286 ක් ලබා ගත්තේ කඩුලු හයක් දැවී සිටියදීයි.

සෙදිකුල්ලාහ් අතල් පන්දු 128 කින් ලකුණු 104 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 8ක් සමගින්. අබ්දුල් මලික් ලකුණු 84(101) ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 11 ක් සමගින්.

පන්දු යැවීමේ දී නෙව්මන් නයම්හුරු ලකුණු 53 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...