මහෙදි හා ටස්කින් බංග්ලාදේශයට 129 රැක දෙමින් තරගාවලියේ ජය හිමි කර දෙයි

Date:

බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී ලකුණු 129 ක් ආරක්ෂා කර ගනිමින් ලකුණු 27 ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය ද තරග 2-0 ක් ලෙස මේ වන විටත් බංග්ලාදේශය ජය ගෙන අවසන්.

Kingstown හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණූ 129 ක් ලබා ගත්තා.

ශමිම් හොසේන් නොදැවී ලකුණු 35(17) ක් ලබා ගත් අතර, මෙහිදි හසාන් මිරාස් ලකුණු 26 කටත්, ජේකර් අලී ලකුණු 21 කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී ගුඩකේෂ් මෝති ලකුණු 25 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොදෙව්වන්ට පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 102 ක් පමණයි.

රොස්ටන් චේස් ලකුණු 32 ක් රැස් කළ අතර, අකීල් හොසේන් ලකුණු 31 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් කඩුලු 3 ක් දවා ගත් අතර, මහෙදි හසාන්, ටන්සිම් හසන් ශකිබ් හා රිෂාඩ් හොසේන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...