Watch : ඉනිමේ දෙවැනි පන්දුවෙන්ම ජයිස්වාල් යළිත් ස්ටක්ට ගොදුරු වූ හැටි

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(16).

බ්‍රිස්බේන්හි පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 7 ක් දැවී ලකුණු 405 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 445 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ යශස්වි ජයිස්වාල්ට මෙම ඉනිමේදී ද සාර්ථක වීමට මිචෙල් ස්ටක් ඉඩ ලබා දුන්නේ නැහැ.

දෙවැනි ටෙස්ට් තරගයේ පළමු පන්දුවෙන්ම ඔහුගේ කඩුල්ල දවා ගත් ස්ටක් මෙම තරගයේ දී ඉන්දීය ඉනිමේ දෙවැනි පන්දුවෙන්ම ජයිස්වාල් දවා ගැනීමට සමත් වුණා.

ඒ, ජයිස්වාල් විසින් පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කළ පසුබිමකයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...