ඔමර්සායි හා රෂීඩ් ඛාන් තරගාවලියේ ජය ඇෆ්ඝනිස්තානයට හිමි කර දෙයි

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

හරාරේහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 127 ක් පමණයි.

බ්‍රයන් බෙනට් ලකුණු 31 ක් හා වෙස්ලි මැදෙවේරේ ලකුණු 21 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණූ 27 කට කඩුලු 4 ක් දවා ගත්තා. අස්මතුල්ලාහ් ඔමර්සායි, මුජිබ් උර් රහ්මාන් හා නවීන් උල් හක් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස ඇෆ්ඝනිස්තානය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 19.3 ක් අවසානයේ කඩුලු 7ක් දැවි සිටියදීයි.

අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 34 ක් රැස් කළ අතර, මොහමඩ් නබී නොදැවී ලකුණු 24 යි. ගුල්බදීන් නයිබ් ලකුණු 22 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී බ්ලෙසින්ග් මුසරබානී, ට්‍රෙවර් ග්වන්දු හා සිකන්ඩ රාසා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...