ජන්ගෝ මංගල තරගයේදීම වාර්තා කළ සුපිරි ශතකයෙන් කොදෙව්වන්ට පූර්ණ තරගාවලි ජයක්

Date:

බංග්ලාදේශ පිතිකරුවන් සිව්දෙනෙකු වාර්තා කළ අර්ධ ශතක අපතේ යවමින් සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ අමීර් ජන්ගෝ වාර්තා කළ සුපිරි ශතකය හමුවේ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හතරක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරග 3-0 ක පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ද කොදෙව්වන්ට හැකි වුණා.

ශාන්ත කිට්ස්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 321 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 අවසන් කළේ තරගයේ ජය පිළිබද වැඩි බලාපොරොත්තු තබා ගනිමින්.

කෙසේ වෙතත්, මෙම තරගයේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් අමීර් ජන්ගෝ නොදැවී ලබා ගත් ලකුණු 104(83) හමුවේ තරගයේ ජය කොදෙව්වන්ට හිමි වුණා. ඔවුන් පන්දුවාර 45.5 ක් පමණක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජන්ගෝගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 6ක් ඇතුළත්. ඔහු ඉතිහාසගත වුණේ වසර 46 කට පසුව මංගල එක්දින තරගයේදීම ශතකයක් රැස් කළ පළමු කොදෙව් පිතිකරු ලෙසයි. ඔහුට අමතරව කේසි කාර්ති ලකුණු 95(88) ක් රැස් කළ අතර, ගුඩකේෂ් මෝති නොදැවී ලකුණු 44(31) යි.

ජන්ගෝ හා කාර්ති 5 වැනි කඩුල්ල සදහා ලකුණු 132 (115) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කළේ ලකුණු 86 දී සිව්වැනි කඩුල්ල බිද වැටුණු පසුබිමකයි. කොදෙව්වන්ට ජය හිමි කර දෙමින් මෝති හා ජන්ගෝ අතර 7 වැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 91 (53) ක්.

පන්දු යැවීමේ දී රිෂාද් හොසේන් ලකුණු 69 කට කඩුලු 2 ක් දවා ගත් අතර, හසාන් මහ්මුද්, නසුම් අහ්මඩ් හා ටස්කින් අහ්මඩ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් අර්ධ ශතක 4 ක් වාර්තා වූ අතර, තෙවැනි කඩුල්ල වෙනුවෙන් සෞම්‍ය සාකාර් හා මෙහිදි හසාන් අතර ලකුණු 136 (127) ක සම්බන්ධතාවයක් ද, 6 වැනි කඩුල්ල වෙනුවෙන් මහ්මුදුල්ලාහ් හා ජේකර් අලී අතර ලකුණු 150* (117) ක සම්බන්ධතාවයක් ද ගොඩ නැගුණා.

සාකාර් ලකුණු 73 ක් ද, නායක මෙහිදි ලකුණු 77 ක් ද ලබා ගත් අතර, මහ්හුදුල්ලාහ් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 84 ක්. ජේකර් අලී නොදැවී ලකුණු 62 යි.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් කඩුලු 2 ක් දවා ගත් අතර, ගුඩකේෂ් මෝති හා ශෙර්ෆේන් රදර්ෆර්ඩ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...