Lanka T10 කණ්ඩායම් හිමිකරුවෙකු අත්අඩංගුවට

Date:

කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.

ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

තරගාවලියට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු හට මුදලට තරග පාවා දෙන ලෙසට යෝජනා කිරීම හේතුවෙන් මෙම සැකකරු අත්අංගුවට ගෙන ඇති බව සදහන්.

අත්අඩංගුවට ගැණුනු සැකකරු අද රාත්‍රියේදී කොළඹට රැගෙන ඒමට නියමිත බවත්, හෙට දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් වාර්තාවනවා.

මීට පෙර 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ Tamim Rahman ද ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ, LPL තරගාවලියට අදාළව දූෂණ චෝදනා යටතේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...